Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:55 - Sinhala Revised Old Version

55 ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:55
14 හුවමාරු යොමු  

ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.


එබැවින් දැන් මේ දේශය ගෝත්‍ර නවයටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදාදෙන්නැයි කීසේක.


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.


පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.


මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්