හෙබ්‍රෙව් 13:23 - Sinhala Revised Old Version අපේ සහෝදරවූ තිමෝතියස් නිදහස්කරනු ලැබූ බව දැනගන්න; ඔහු ඉක්මනින් ආවොත්, ඔහු සමඟ නුඹලා බලන්ට එන්නෙමි. Sinhala New Revised Version අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි. සිංහල කාලීන පරිවර්තනය අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි. Sinhala New Revised Version 2018 අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි. |
එහෙයින් මම මෙය ඉෂ්ටකර, මේ ඵලය ඔවුන්ට මුද්‍රාකොට දුන් ඉක්බිති, නුඹලා ළඟින් ස්පාඤ්ඤයට යන්නෙමි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක් වන පාවුල්ද සහෝදරයා වන තිමෝතියස්ද විසින්,
මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමෝතියස්ද යන අප විසින් අපේ ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්වූ පිලෙමොන්ටද,
ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොටගෙන මා නුඹලාට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.
මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.