Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:23 - සිංහල කාලීන පරිවර්තනය

23 අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 අපේ සහෝදරවූ තිමෝතියස් නිදහස්කරනු ලැබූ බව දැනගන්න; ඔහු ඉක්මනින් ආවොත්, ඔහු සමඟ නුඹලා බලන්ට එන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:23
10 හුවමාරු යොමු  

කෙසේ වුවත් දැන්, යෙරුසලම් ශුද්ධවතුනට සහනාධාර රැගෙන, එහි යමින් සිටිමි.


එබැවින් මේ කාරිය නිම වූ පසු, එකතු වූ මේ පල ඔවුන්ට බාර දුන් පසු, මා ස්පාඤ්ඤය බලා යන්නේ, ඒ ගමනේදී ඔබත් බැහැදකිමිනි.


දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්,


අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.


ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න.


එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද


ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.


මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්