මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;
හෙබ්‍රෙව් 12:7 - Sinhala Revised Old Version නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද? Sinhala New Revised Version ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද? සිංහල කාලීන පරිවර්තනය ඔබ ඉවසා දරාගත යුත්තේ හික්මීම පිණිස ය. දෙවියන්වහන්සේ ඔබ සලකන්නේ පුත්‍රයින් වශයෙනි. තම පියාණන් විසින් හික්මවනු නො ලබන පුත්‍රයා කවුරු ද? Sinhala New Revised Version 2018 ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද? |
මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;
නුඹ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය.
ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.
බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.
ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.
නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.
අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.
නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.
මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දඬුවම්කරන බව නුඹේ සිතින් කල්පනාකරන්න.
මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් නුඹලා පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් නුඹලාම තරකරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?
නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.
ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.