කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
හිතෝපදේශ 7:3 - Sinhala Revised Old Version ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න. Sinhala New Revised Version ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න. Sinhala New Revised Version 2018 ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න. |
කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නැමති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ.
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.