Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 30:8 - Sinhala Revised Old Version

8 ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සෙනඟගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධ ව ගල් පුවරුවක සටහන් කරන්න. ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිඳාණෝ මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සෙනඟගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධ ව ගල් පුවරුවක සටහන් කරන්න. ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිඳාණෝ මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:8
22 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.


එබැවින් මෝසෙස් එම දවසෙහි මේ ගීතිකාව ලියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉගැන්නුවේය.


බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය.


නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.


එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.


බලව, දැන් මාගේ සෙනඟ ළඟට යමි. එන්න, මතු දවස්වලදී මේ සෙනඟ නුඹේ සෙනඟට කරන දේ නුඹට දන්වන්නෙමියි බාලාක්ට කීවේය.


නුඹ පීඩා විඳින කලද මේ සියලු දේ නුඹට පැමිණි කලද අන්තිම දවස්වලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,


එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරන්න.


අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ:


එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.


නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.


එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අභිප්‍රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය සම්පූර්ණ ලෙස තේරුම්ගන්නවා ඇත.


මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.


මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ පොතෙන් සොයා කියවන්න. මුන්ගෙන් එකෙක්වත් අඩු නොවන්නේය, එකෙකුට එකෙක් සම්බ නොවී නොයන්නේය. මක්නිසාද එය අණකෙළේ උන්වහන්සේගේ මුඛයය, උන් රැස්කළෙත් උන්වහන්සේගේ ආත්මයය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.


එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්