ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 4:1 - Sinhala Revised Old Version

මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 4:1
15 හුවමාරු යොමු  

යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; නුඹලාගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න.


දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.


ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;


මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.


ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.


නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.


නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න.


මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම නුඹේ තොල්වල පවතින පිණිසද


අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස


අපි වනාහි අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකළ සියල්ල ගැන ඔහුගේ හඬට කීකරුවීමුව, කිසිකලක අපිවත් අපේ භාර්යාවෝවත් අපේ පුත්‍රයෝවත් අපේ දූවරුවත් මුද්‍රිකපානය නොබී,


ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.