Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 4:1 - Sinhala New Revised Version 2018

1 මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 4:1
15 හුවමාරු යොමු  

එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.


දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.


මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.


මාගේ උපදේශයන්ට සවන් දෙන්න; මාගේ අනුශාසනාවන්ට හිත යොමන්න.


මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.


අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය.


ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න.


ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.


අපි වනාහි අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කළ සියල්ල නොපිරිහෙළා පිළිපදිමින් ඔහුගේ හඬට කීකරු වීමු; කිසි කලක අපි වත්, අපේ භාර්යාවෝ වත්, අපේ පුත්‍රයෝ වත්, අපේ දූවරු වත් මුද්‍රික පානය නොබීවෙමු.


ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.


පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්