ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.
හිතෝපදේශ 27:1 - Sinhala Revised Old Version හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය. Sinhala New Revised Version “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න. Sinhala New Revised Version 2018 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න. |
ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.
හාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කෑමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඈ විසින් ආරාධනාකරනු ලැබීමි.
මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද?
ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.
මක්නිසාද– පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.
ඇරත් ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන් අතට නුඹ සමඟ ඉශ්‍රායෙල්වරුන් පාවාදෙනසේක. හෙට නුඹ සහ නුඹේ පුත්‍රයන් මා සමඟ සිටිනවා ඇත. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් සමුදාවත් පිලිස්තිවරුන් අතට පාවාදෙනසේකැයි කීවේය.