Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 27:1 - Sinhala New Revised Version 2018

1 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 27:1
9 හුවමාරු යොමු  

මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.


ඒ හැර සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවා දෙන සේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනු ඇත. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ හමුදාවත් පිලිස්තිවරුන්ගේ අතට පාවා දෙන සේක.”


ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.


එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමාණන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!


ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය.


මතු දවස කුමක් සිදු වනු ඇද්දැ යි අපි නොදනිමු. එය අපට දැන්වීමට හැකි කෙනෙක් ද නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්