හිතෝපදේශ 21:10 - Sinhala Revised Old Version දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුවෙහි කරුණාව නොලැබේ. Sinhala New Revised Version දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. Sinhala New Revised Version 2018 දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. |
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.