හිතෝපදේශ 20:28 - Sinhala Revised Old Version කරුණාවද සැබෑකමද රජ්ජුරුවන් ආරක්ෂාකරයි, ඔහුගේ සිංහාසනය කරුණාව හේතුකොටගෙන ස්ථිරවන්නේය. Sinhala New Revised Version කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි; දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි. Sinhala New Revised Version 2018 කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි; දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි. |
මක්නිසාද රජතෙම ස්වාමීන් කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය.
ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.
ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
මෙසේ සිංහාසනයක් කරුණාවෙන් පිහිටෙන්නේය, ඒ පිට දාවිත්ගේ කූඩාරමෙහි කෙනෙක් සැබෑකමෙන් සැරහී හිඳ, විනිශ්චයකර, යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ටකරන්ට යුහුවන්නේය.
රජ්ජුරුවෙනි, අර්ථය මෙසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තමයාණන්ගේ නියමයද මෙසේය: