තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.
හිතෝපදේශ 2:4 - Sinhala Revised Old Version නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, Sinhala New Revised Version රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. Sinhala New Revised Version 2018 රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. |
තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.
ඔවුන් මරණය ගැන බලාපොරොත්තුවෙන නුමුත්, නිදන් වස්තුවලට වඩා එය සොයන නුමුත්, ඒක නොපැමිණෙන්නේය.
ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය.
ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය.
ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.
අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.