ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.
හිතෝපදේශ 16:29 - Sinhala Revised Old Version බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය. Sinhala New Revised Version දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති. Sinhala New Revised Version 2018 දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති. |
ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.
අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.
එබැවින්, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.
දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ නුඹේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට නුඹ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.
නුඹ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් නුඹ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.