Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 16:29 - Sinhala New Revised Version

29 දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 16:29
13 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.


සාහසිකයෙකු ආදර්ශයට නොගන්න; ඔවුන් අනුගමනය නොකරන්න;


එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.


ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.


සාවුල් මීකල්ට කතා කොට, “ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, “ ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.


එදා රෑ සාවුල්, දාවිත්ගේ නිවෙස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.


අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.


කලහකාරී අය වාද භේද පතුරුවති; කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.


දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි; ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්