මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.
හිතෝපදේශ 15:9 - Sinhala Revised Old Version දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක. Sinhala New Revised Version දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි; යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක. Sinhala New Revised Version 2018 දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි; යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක. අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නෝය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.
ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න.
ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.
මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.
එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,
පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.
නුඹට ප්‍රේමවී, නුඹට ආශීර්වාදකොට, නුඹ වැඩිකර, නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී නුඹේ ගර්භයෙහි ඵලයට සහ නුඹේ භූමියේ ඵලය වන නුඹේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.
යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.