හිතෝපදේශ 15:29 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක. Sinhala New Revised Version සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක. Sinhala New Revised Version 2018 සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.
මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.
දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.