ඔහුද: මම යෙස්‍රෙයෙලිය නාබොත්ට කථාකොට–නුඹේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් නුඹ කැමති නම් මම ඒක වෙනුවට නුඹට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්–මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය.
හිතෝපදේශ 14:30 - Sinhala Revised Old Version මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය. Sinhala New Revised Version නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. Sinhala New Revised Version 2018 නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. |
ඔහුද: මම යෙස්‍රෙයෙලිය නාබොත්ට කථාකොට–නුඹේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් නුඹ කැමති නම් මම ඒක වෙනුවට නුඹට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්–මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය.
ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.
ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව,
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?