හිතෝපදේශ 13:23 - Sinhala Revised Old Version දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති. Sinhala New Revised Version වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. Sinhala New Revised Version 2018 වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. |
තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.
මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.
තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.
හාන්ටවත් වපුරන්ටවත් නොයෙදෙන්නාවූ වතුර නිතරම ගලායන්නාවූ මිටියාවතකට ගෙනැවිත්, නෑම්බියගේ බොටුව මිටියාවතේදී කඩත්වා.