හිතෝපදේශ 13:11 - Sinhala Revised Old Version සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය. Sinhala New Revised Version නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි. Sinhala New Revised Version 2018 නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි. |
මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය. නුඹ වාසනාවන්තවන්නෙහිය, නුඹට ශුභ සිද්ධවන්නේය.
විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.
පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.