හබක්කුක් 3:16 - Sinhala Revised Old Version මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි. Sinhala New Revised Version මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි. Sinhala New Revised Version 2018 මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි. |
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි.
ප්‍රොපේතවරුන් ගැනය. මාගේ සිත මා තුළ බිඳී, මාගේ සියලු ඇට චංචලවී තිබේ; ස්වාමීන්වහන්සේ නිසාත් උන්වහන්සේගේ ශුද්ධවූ වචන නිසාත් මම මත්වී සිටින්නෙක්ද මුද්‍රිකපානයට යටවී සිටින මනුෂ්‍යයෙක්ද මෙන් වෙමි.
අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.
අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.
මෙන්න, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් නුඹ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ නුඹට තේරෙන්නේ නැත.
උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.
ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය.
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
මම පමණක් ඉතිරිව සිට, ඒ මහත් දර්ශනය දුටුවෙමි, කිසි ශක්තියක් මා තුළ ඉතිරි නොවීය. මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය.
එහෙත් ඔහුගේ වචනවල හඬ මට ඇසුණේය. ඔහුගේ වචනවල හඬ මට ඇසුණු කල මුර්ඡාවී මුහුණින් බිම වැටුණෙමි.
එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.
ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.