සෙකරියා 9:7 - Sinhala Revised Old Version ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය. Sinhala New Revised Version ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය. |
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.
දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරු මස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ.
එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: එඬේරා සිංහයාගේ කටින් කකුල් දෙකක්වත් කන් කෑල්ලක්වත් ගළවාගන්නාක්මෙන් සමාරියෙහි යහන් කොනකද ඇඳක පට මෙත්ත පිටද හිඳින ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැළවෙනවා ඇත.
ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන–අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.
නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.