සෙකරියා 8:16 - Sinhala Revised Old Version නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න. Sinhala New Revised Version නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න. Sinhala New Revised Version 2018 නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න. |
මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.
පොළියට නොදී, ලාභත් නොගෙන, තමාගේ අත අයුතුකමෙන් වලක්වාගත්තේ නම්, එකිනෙකා අතරේ සැබෑවූ යුක්තිය ඉෂ්ටකොට,
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.
එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න.
හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.
එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.
එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.
මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.
නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.