Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 45:9 - Sinhala Revised Old Version

9 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 45:9
23 හුවමාරු යොමු  

නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.


කැරළිකාර ඉශ්‍රායෙල් වංශයට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල්කම් නුඹලාට ඉතින් ඇත.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.


යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.


සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.


හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; නුඹලාගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය.


නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන් තමුන්ගේ ප්‍රිය ගෙවල්වලින් පන්නා දමන්නහුය; ඔවුන්ගේ බාල දරුවන්ගෙන්ද මාගේ මහිමය සදාකාලේටම පහකරන්නහුය.


නුඹ වැන්දඹුවන් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.


මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.


ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය.


බලාත්කාරය දුෂ්ටකමේ දණ්ඩක් පිණිස නැගුටුණේය; ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක්වත් ඔවුන්ගේ වස්තුවෙන් කිසිවක්වත් ඉතිරි නොවන්නේය. ඒවා අතරේ උත්තමකමක්ද නොවන්නේය.


මක්නිසාද දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ, නුවරත් බලාත්කාරයෙන් පිරී තිබේ.


එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති.


නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා.


දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද?


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න.


නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්