Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 3:13 - Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 3:13
46 හුවමාරු යොමු  

ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.


තවද මුහුදුබඩ පළාත යූදා වංශයේ ඉතිරි අයට ලැබී, ඔවුන් එහි මෘග රැළවල් පෝෂ්‍යකරනවා ඇත. සවස ඔව්හු අෂ්කෙලොන්හි ගෙවල්වල නිදාගන්නෝය; මක්නිසාද ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් දෙස බලා ඔවුන්ගේ වහල්කම පහකරනසේක.


මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.


නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.


තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළේය.


අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.


යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.


මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,


නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.


ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්, නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත.


ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.


බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.


එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;


එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,


මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට,


කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.


මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස්කරන්නෙමි; ස්වාමීන්වහන්සේද සියොන්හි වාසය කරනවා ඇත.


මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.


මක්නිසාද උන්වහන්සේ කථාකොට: සැබවින් ඔව්හු මාගේ සෙනඟය, ද්‍රෝහිකමින් ක්‍රියානොකරන දරුවෝයයි කීසේක. උන්වහන්සේද ඔවුන්ගේ ගැළවුම්කාරයා වූසේක.


එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත.


පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.


එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති.


උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.


නුඹලා නිදාගන්න කල කිසිවෙක් නුඹලා භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද නුඹලාගේ දේශය මැදින් නොයන්නේය.


නුඹ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් නුඹෙන් කරුණාව සොයන්නෝය.


ස්වාමිනි, බොරු කියන තොල්වලින්ද වංචාකාර දිවෙන්ද මාගේ ආත්මය ගැළෙවුව මැනව.


එම්බා වංචාකාර දිව, නුඹට දිය යුත්තේ කිමෙක්ද? නුඹට තවත් කරන්නේ කිමෙක්ද?


ඈ තුළ ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනසේක; උන්වහන්සේ අධර්මිෂ්ඨකම නොකරනසේක; නොවරදවා උදයක් පාසා උන්වහන්සේ තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙනසේක; නුමුත් අධර්මිෂ්ඨයාට ලජ්ජාව නොදැනෙයි.


මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.


මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.


මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්