නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
සෙකරියා 3:7 - Sinhala Revised Old Version සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි. Sinhala New Revised Version “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි. Sinhala New Revised Version 2018 “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි. |
නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්,
ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.
සම්මුඛවීමේ කූඩාරමේ භාරයද ශුද්ධස්ථානයේ භාරයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් තමුන්ගේ සහෝදරයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ භාරයද බලාගැනීමත්ය.
නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.
නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.
එය ඉශ්‍රායෙල් පුත්‍රයන් මුළාව ගිය කල ලෙවීවරු මුළාව ගියාක්මෙන් මුළාව නොගොස් මාගේ සේවය පැවැත්තුවාවූ, ශාදොක්ගේ පුත්‍රයන්වූ පවිත්‍රකරනු ලැබූ පූජකයන්ට වන්නේය.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.
තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.
දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.
මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.
මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.
මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.