Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:11 - Sinhala Revised Old Version

11 එය ඉශ්‍රායෙල් පුත්‍රයන් මුළාව ගිය කල ලෙවීවරු මුළාව ගියාක්මෙන් මුළාව නොගොස් මාගේ සේවය පැවැත්තුවාවූ, ශාදොක්ගේ පුත්‍රයන්වූ පවිත්‍රකරනු ලැබූ පූජකයන්ට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:11
13 හුවමාරු යොමු  

තමුන්ගේ දේවරූප පස්සේ මුළාව ගිය ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය කල මා වෙතින් අහක්ව ගියාවූ ලෙවීවරු ස්වකීය අයුතුකම දරන්නෝය.


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.


නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.


එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.


මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.


මෙසේ වන්නේ ඉශ්‍රායෙල් වංශය මා වෙතින් තවත් මුළාව නොගොස්, තමුන්ගේ සියලු අපරාධවලින් තවත් කිලුටු නොවී, මාගේ සෙනඟ වන පිණිසත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිසත්යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවයකොට ඉශ්‍රායෙල් වංශය පැකිලවන අපරාධකමේ ගලක් වූ බැවින්, මාගේ අත මොවුන්ට විරුද්ධව එසෙවුවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක, ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත.


ඒක දේශයෙන් ශුද්ධ කොටසක්ය; ඒක ස්වාමීන්වහන්සේට සේවයකරන්ට පැමිණෙන්නාවූ ශුද්ධස්ථානයේ සේවකයන්වූ පූජකයන්ට වන්නේය; ඒක ඔවුන්ගේ ගෙවල්වලට ඉඩමක්ද ශුද්ධස්ථානයට ශුද්ධවූ තැනක්ද වන්නේය.


එය දේශයේ උපහාරයෙන් ලෙවීවරුන්ගේ සීමාව ළඟ ඔවුන්ට අති ශුද්ධ උපහාර කොටසක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්