මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
සෙකරියා 12:3 - Sinhala Revised Old Version ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. Sinhala New Revised Version මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති. Sinhala New Revised Version 2018 මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති. |
මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.
තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.
මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය.
ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.
මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.
ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.
ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් ඇරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.
මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.
ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක.
මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි.