Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:13 - Sinhala Revised Old Version

13 ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:13
8 හුවමාරු යොමු  

ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් ඇරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද මම දේශයේ වැසියන්ට තවත් කරුණා නොකර, ඒ මනුෂ්‍යයන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා අතටත් තම තමාගේ රජු අතටත් අසුකරදෙන්නෙමි. ඔවුන් දේශය නටබුන්කර දමනවා ඇත, මම ඔවුන්ගේ අතින් ඔවුන් මුදා නොගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.


යූදා යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්නේය; අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදීද වස්ත්‍රද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්