Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:18 - Sinhala Revised Old Version

18 තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:18
23 හුවමාරු යොමු  

ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.


ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔහුගේ කටු ගස් හා ගොකටු එක දවසේදීම දවා නැතිකර දමන්නේය.


තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.


නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න.


එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.


නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,


මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.


එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.


මුද්‍රිකපාන පාත්‍රාවලින් බොන්නාවූ, ඉතා හොඳ තෙල් ආලේපකරගන්නාවූ, යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අයට දුක්වේ.


නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.


කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය.


නුඹ එක ලීයක් රැගෙන–යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන–යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා,


බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.


ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය.


මක්නිසාද දුෂ්ටකම ගින්න මෙන් දවයි; ඒක කටුගස්ද ගොකටුද නාස්ති කරයි; එසේය, එය කැලෑවේ අකුල්වල ඇවිළී, ඝනවූ දුම්-වලාකුල් ඉහළට නගිති.


සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.


ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් සෙනඟ පිදුරු පිණිස ඉපනැලි එකතුකරන්ට මුළු මිසර දේශයෙහි විසිර ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්