එකල යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ නැවතුණේය; පාර්සියාවේ රජවූ දාරියුෂ්ගේ රජකම්කිරීමේ දෙවෙනි අවුරුද්ද දක්වා එය නැවතී තිබුණේය.
සෙකරියා 1:1 - Sinhala Revised Old Version දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: Sinhala New Revised Version දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ. Sinhala New Revised Version 2018 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ. |
එකල යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ නැවතුණේය; පාර්සියාවේ රජවූ දාරියුෂ්ගේ රජකම්කිරීමේ දෙවෙනි අවුරුද්ද දක්වා එය නැවතී තිබුණේය.
එකල අනාගතවක්තෘවූ හග්ගයිද ඉද්දෝගේ පුත්‍රවූ සෙකරියාද යන අනාගතවක්තෘවරු යූදාහිද යෙරුසලමෙහිද සිටි යුදෙව්වරුන්ට අනාගතවාක්‍ය කීවෝය. ඔව්හු ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට අනාගතවාක්‍ය පැවසුවෝය.
දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.
ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩය කළෝය.
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ ෂෙබාට් නම්වූ එකොළොස්වෙනි මාසයේ විසිහතරවෙනිදා ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ මෙසේ කීයේය:
දාරියුස් රජුගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය.
මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.
ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි නුඹලාට කියමි.