Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 1:1 - Sinhala Revised Old Version

1 දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 1:1
41 හුවමාරු යොමු  

සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.


එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය.


දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:


එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.


සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද අසරියාද රයමියාද නහමානීද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පෙරෙත්ද බිග්වායිද නෙහූම්ද බානාද සමඟ හැරී ආවාවූ දේශයේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.


යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද අනාගතවක්තෘවූ හග්ගයිගෙත් ඉද්දෝගේ පුත්‍රවූ ශෙකරියාගෙත් අනාගතවාක්‍ය හේතුකොටගෙන ගොඩනගා සඵලවූවෝය. ඔව්හු ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ආඥාවේ හැටියටත් කෝරෙෂ්ගේද දාරියුෂ්ගේද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාගේද නියෝගයේ හැටියටත් ගොඩනගා නිමකළෝය.


තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය.


එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,


ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යේෂුවාද, සමඟ ආවාවූ පූජකයොත් ලෙවීවරුත් මොව්හුය: සෙරායා, යෙරෙමියා, එස්රා;


තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.


තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු.


එකල යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ නැවතුණේය; පාර්සියාවේ රජවූ දාරියුෂ්ගේ රජකම්කිරීමේ දෙවෙනි අවුරුද්ද දක්වා එය නැවතී තිබුණේය.


සෙරුබ්බාබෙල්ද පියවංශවල ප්‍රධානීන්ද ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා හා සමඟ මාලිගාව ගොඩනගන්ට අපට ඉඩදෙන්න. මක්නිසාද නුඹලා සේම අපිත් නුඹලාගේ දෙවියන්වහන්සේ අදහමුව; මෙතැනට අප ගෙනාවාවූ අෂූර්හි රජවූ ඒසර්-හද්-දොන්ගේ කාලයේ පටන් අපි උන්වහන්සේට පූජාකරන්නෝව සිටිමුයයි කීවෝය.


ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


පාර්සියාවේ රජවූ කෝරෙෂ් ඒවා භාණ්ඩාගාරිකවූ මිත්රෙදාත් ලවා පිටතට ගෙන්වා, යූදාහි අධිපතියාවූ ෂෙෂ්බශර්ට ගණන්කර දුන්නේය.


පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය.


හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්:


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.


සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අහියා අනාගතවක්තෘ ලවා කියෙවු වචනයේ හැටියට ඔහු තැන්පත්කොට ඔහු ගැන වැලපුණෝය.


ඔහු යොවාන්ගේ පුත්‍රයාය, ඔහු රෙසාගේ පුත්‍රයාය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයාය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයාය, ඔහු නේරිගේ පුත්‍රයාය,


ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය.


අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.


එකල අනාගතවක්තෘවූ හග්ගයිද ඉද්දෝගේ පුත්‍රවූ සෙකරියාද යන අනාගතවක්තෘවරු යූදාහිද යෙරුසලමෙහිද සිටි යුදෙව්වරුන්ට අනාගතවාක්‍ය කීවෝය. ඔව්හු ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට අනාගතවාක්‍ය පැවසුවෝය.


ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගත් සමහර දෙනෙක් සම්බවූවෝය. එනම්: යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයන්ගෙන්ද ඔහුගේ සහෝදරයන්ගෙන්ද මයසේයා, එලීයෙසෙර්, යාරිබ් සහ ගෙදලියාය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.


එකල ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:


යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි.


නුඹලා පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් නුඹව පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩය කළෝය.


දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ:


තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්