තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.
ලූක් 4:1 - Sinhala Revised Old Version යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන Sinhala New Revised Version ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ, Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. |
තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.
තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක;
ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට,
ඔහු ඒනොස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය.
එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය.
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
තවද යොහන් සාක්ෂිදෙමින්: ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන්වහන්සේ පිට නැවතුණේය.
මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.
ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.
දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.
ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.