මතෙව් 3:16 - Sinhala Revised Old Version16 යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහිම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක. පරිච්ඡේදය බලන්න |