ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 3:16 - Sinhala Revised Old Version

යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, “මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, “මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.

පරිච්ඡේදය බලන්න



ලූක් 3:16
24 හුවමාරු යොමු  

මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.


එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.


සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලමෙහි ඉතුරුවෙන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලියවී සිටින සියල්ලෝ, ශුද්ධයයි කියනු ලබන්නෝය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්මකරනසේක.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


යොහන් ඔවුන්ට උත්තරදෙමින්: මම වතුරෙන් බව්තීස්මකරමි. නුඹලා නාඳුනන කෙනෙක් නුඹලා මැද සිටිනසේක,


එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය.


මම උන්වහන්සේ නෑඳින සිටියෙමි. නුමුත් වතුරෙන් බව්තීස්මකරන්ට මා එවූ තැනන්වහන්සේම මට කථාකොට: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන්වහන්සේයයි මට කීසේක.


මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.


මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.


පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක.


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව.