Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 32:15 - Sinhala Revised Old Version

15 එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක; එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය. සාරවත් ඉඩම් පාළු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක; එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය. සාරවත් ඉඩම් පාළු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 32:15
29 හුවමාරු යොමු  

තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?


මා විසින් මාගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.


එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.


ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද?


දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.


ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.


එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?


එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.


මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.


මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.


උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.


උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක;


උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.


විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.


තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා ජීවත්වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා, නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්