ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
ලූක් 10:31 - Sinhala Revised Old Version එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය. Sinhala New Revised Version ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය පූජකයකුට ඒ මගෙහිම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා. Sinhala New Revised Version 2018 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. |
ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව; මක්නිසාද මා අඳුනන කිසිවෙක් නැත්තේය. මට රක්ෂාස්ථානයත් නැතිවිය; කිසිවෙක් මාගේ ප්‍රාණය ගැන සලකන්නේ නැත.
නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.
නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.
බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.
කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.
අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.
ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.