ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.
යොහන් 7:39 - Sinhala Revised Old Version උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය. Sinhala New Revised Version උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණුවන ලද්දේ නැත. Sinhala New Revised Version 2018 උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි. |
ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.
මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.
එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.
මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.
ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.
ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.
එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.
එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
මම උන්වහන්සේ නෑඳින සිටියෙමි. නුමුත් වතුරෙන් බව්තීස්මකරන්ට මා එවූ තැනන්වහන්සේම මට කථාකොට: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන්වහන්සේයයි මට කීසේක.
උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ.
නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.
උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක.
එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.
යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ;
දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.
එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.
සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ නුඹලාගේ දෙවියන්වහන්සේයයි නුඹලා කියහුය; නුඹලා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත.
නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය.
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.
එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.
පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.
ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.
ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක. නුඹලා උන්වහන්සේ පාවාදී, පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට තීන්දුකරගන සිටි කල, ඔහු ඉදිරියෙහිදී උන්වහන්සේව එපාකළහුය.
ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.