Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 44:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 44:3
38 හුවමාරු යොමු  

ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.


අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.


තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.


උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.


මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,


දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.


මා විසින් මාගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.


පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය.


උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.


අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.


ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.


ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.


ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.


දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.


ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.


මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.


අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ:


තවද නුඹේ වංශය බොහෝ බවද නුඹෙන් පැවත එන්නන් පොළොවේ තණකොළ මෙන් වන බවද නුඹ දැනගන්නෙහිය.


නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත.


එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.


මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.


ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.


ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය.


යාකොබ්ගේ ඉතිරිවූ අය බොහෝ ජනයන් අතරෙහි ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන පිනි මෙන්ද මනුෂ්‍යයා ගැන ප්‍රමාද නොවී, මනුෂ්‍ය පුත්‍රයන් ගැන පමා නොවී, පලා ජාති පිටට බසින වැහිබින්දු මෙන්ද සිටිනවා ඇත.


ඒ ගැන ගීතිකාකරන්න. ස්වාමීන්වහන්සේ වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.


මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.


එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්