යොහන් 11:37 - Sinhala Revised Old Version නුමුත් ඔවුන්ගෙන් සමහරෙක්: අන්ධයාගේ ඇස් පැහැදුවාවූ මුන්වහන්සේට මේ තැනැත්තා නොමැරී සිටින්ට සලස්වන්ට බැරිවුණාදැයි කීවෝය. Sinhala New Revised Version එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක්, “අන්ධ මිනිසාගේ ඇස් පෑදූ මෙතුමාණන්ට, මොහු මරණින් නවතාගන්න බැරි වුණා නො වේ දැ?” යි කීහ. Sinhala New Revised Version 2018 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ. |
අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.
සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය.
එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය.
එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.
එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය.