Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:37 - Sinhala New Revised Version

37 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක්, “අන්ධ මිනිසාගේ ඇස් පෑදූ මෙතුමාණන්ට, මොහු මරණින් නවතාගන්න බැරි වුණා නො වේ දැ?” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 නුමුත් ඔවුන්ගෙන් සමහරෙක්: අන්ධයාගේ ඇස් පැහැදුවාවූ මුන්වහන්සේට මේ තැනැත්තා නොමැරී සිටින්ට සලස්වන්ට බැරිවුණාදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:37
9 හුවමාරු යොමු  

මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී, “ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ”යි කීවා ය.


මාර්තා කතා කරමින්, “ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.


එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය.


සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.


අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.


ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්