මාක් 4:2 - Sinhala Revised Old Version උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්: Sinhala New Revised Version උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක; Sinhala New Revised Version 2018 උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: |
යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.
උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.
උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.
උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත්
එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද?
එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියනු ලැබේ.