Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 49:4 - Sinhala Revised Old Version

4 උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 49:4
10 හුවමාරු යොමු  

උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,


මෙසේ වූයේ– උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.


ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.


මම ඔහු සමඟ අඳුරු කථාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කථාකරමි; ස්වාමීන්වහන්සේගේ ස්වරූපයද ඔහු බලන්නේය. එබැවින් නුඹලා මාගේ මෙහෙකරුවූ මෝසෙස්ට විරුද්ධව කථාකරන්ට භයනූණේ කෙසේදැයි කීසේක.


එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව.


එබැවින් නුඹලා අඳුරෙහිදී කී දේ එළියෙහිදී අසනු ලබන්නේය; ඇතුල් ගෙවලදී නුඹලා කනට කී දේත් ගෙවල් මුදුන්වලදී ප්‍රසිද්ධ කරනු ලබන්නේය.


ඔවුන්ගේ රජකම් කිරීමේ අන්තිමේදී අපරාධකාරයන්ගේ පාප මිම්ම සම්පූර්ණවූ කළ, රෞද්‍ර මුහුණක් ඇත්තාවූ, වංචාවට සමර්ථවූ රජෙක් නැගිටින්නේය.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්