Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 7:28 - Sinhala Revised Old Version

28 යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 7:28
18 හුවමාරු යොමු  

උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූවෝය.


උන්වහන්සේගේ ඉගැන්වීම ගැන ඔව්හු විස්මිතවූවෝය. මන්ද උන්වහන්සේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙකු මෙන් ඉගැන්වූසේක.


සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය.


සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?


සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.


එබැවින් යුදෙව්වරු මවිතව: කිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය.


සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය.


මුළු සෙනඟ උන්වහන්සේගේ වචන ඇලුම්කමින් ඇසූ බැවින්, උන්වහන්සේට කිසිවක් කරන්ට ඔවුන්ට නොලැබුණේය.


නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය.


තවද යේසුස්වහන්සේ මේ සියලු වචන කියා නිමවා තමන්ගේ ගෝලයන්ට කථාකොට:


යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.


ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.


තවද යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ පසු ගලීලයෙන් පිටත්ව යොර්දානින් එගොඩට යුදයේ සීමාවලට පැමිණිසේක;


වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.


මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.


උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ.


උන්වහන්සේ සෙනඟ අසමින් සිටියදී තමන්ගේ සියලු වචන කියා නිමකළායින් පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්