ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.
මාක් 13:8 - Sinhala Revised Old Version නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය. Sinhala New Revised Version මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන්ගැන්මයි. Sinhala New Revised Version 2018 මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය. |
ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.
සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.
ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්නට ශක්තිය නැත.
නුඹට යහළුවන් වෙන්ට නුඹම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට නුඹ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් නුඹට වේදනා අල්ලන්නේ නැද්ද?
අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.
මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.
දමස්කය බෙලහීනව පලායන්ට හැරුණාය, වෙවුලුම ඈ අල්ලාගත්තේය. බිහිකරන ස්ත්‍රියෙකුට මෙන්, විපත්තියද වේදනාවද ඈට පැමිණ තිබේ.
බබිලෝනියේ රජු ඔවුන් ගැන කීර්තිය අසා තිබේ, ඔහුගේ අත් හෙළා වැටී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද ඔහුට අල්ලා තිබේ.
ඒ ප්‍රවෘත්තිය අප විසින් අසා තිබේ; අපේ අත් දුර්වලවී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද අපට අල්ලා තිබේ.
මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.
ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.
එහෙත් නුඹලා ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතින්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.
ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.