Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 15:6 - Sinhala Revised Old Version

6 ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 15:6
15 හුවමාරු යොමු  

නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.


මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක; ඔවුන්ට වෛරවූවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකළෝය.


ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.


ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.


අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.


මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.


ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.


එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.


මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්