ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:6 - Sinhala Revised Old Version

නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක.

පරිච්ඡේදය බලන්න



මාක් 10:6
9 හුවමාරු යොමු  

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.


දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.


පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.


මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.


පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.


ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, නුඹලාත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් නුඹලා වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.