මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.
මතෙව් 9:16 - Sinhala Revised Old Version කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. Sinhala New Revised Version “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ. සිංහල කාලීන පරිවර්තනය “කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි. Sinhala New Revised Version 2018 “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ. |
මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.
මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත.
අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක.
කිසිවෙක් තාන් රෙදි කැබෙල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් රෙදි කෑල්ලට පරණ රෙද්ද ඇදී, වඩා ලොකු ඉරුමක් වේ.
උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය.
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.
මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය.