Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 9:16 - සිංහල කාලීන පරිවර්තනය

16 “කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:16
11 හුවමාරු යොමු  

“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.


දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාරව සිටිනු ඇත.


කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී සම් මලු ද නාස්ති වී යනු ඇත; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගයම සුරැකෙතැ” යි පැවසූ සේක.


“කිසිවකු තාන් රෙදි කඩකින් පරණ ඇඳුමකට අණ්ඩයක් දමන්නේ නැත. එසේ කළොත්, අලුත් රෙදි කඩ හැකිළුණු විට පරණ ඇඳුම ඇදී ඉරුම වඩා විශාල වේ.


මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි.


උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “කිසිවකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා, පරණ ඇඳුමකට අණ්ඩ දමන්නේ නැත. එසේ කළොත්, අලුත් ඇඳුම ඉරා දැමෙනවාත් හැර, අලුත් කැබැල්ල පරණ එකට ගැලපෙන්නේ ද නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්