Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 33:14 - Sinhala Revised Old Version

14 මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:14
13 හුවමාරු යොමු  

තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය–මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි.


එවිට යාකොබ්: දරුවන් ළාබාල බවද කිරිදෙන එළු බැටළුරැළවල් සහ ගවරැළවල් මා සමඟ ඉන්න බවද මාගේ ස්වාමියා දන්නේය. එක දවසක් උන් ඉක්මනට දැක්කුවොත් මුළු රැළ මියයන්නේය.


බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.


එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යූදා වංශය සියලු ජාතීන් වාගේයයි මෝවබ් සහ සේයිර්ද කියන නිසා,


ඔවුන්ට දරන්ට පුළුවන් ප්‍රමාණයට මෙබඳු බොහෝ උපමාවලින් උන්වහන්සේ වචනය ඔවුන්ට කීසේක.


ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.


මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;


එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව.


ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්